-
1 රාජාවලිය 11:33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල්වරුන් මාව අත්හැර+ සීදොන් ජාතිකයන්ගේ දේවතාවිය වන අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් ජාතිකයන්ගේ දෙවි වූ මිල්කොම්ටත්+ නමස්කාර කරන නිසාය. ඔවුහු සලමොන් රජුගේ පියා වූ දාවිත් මෙන් ක්‍රියා කළේ නැත. ඔවුහු මාගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්නේවත් මා යහපත්යයි සලකන දේ කරන්නේවත් නැත. ඔවුහු මාගේ පනත් සහ තීන්දු නොසැලකුවෝය.
-
-
2 රාජාවලිය 23:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 යෙරුසලමට ඉදිරියෙන්+ සීදොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දේවතාවිය වූ අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුල්සහගත දෙවි වූ මිල්කොම්ටත්+ ඊශ්‍රායෙල් පාලනය කළ සලමොන් රජ+ පූජනීය ස්ථාන ගොඩනඟා තිබුණේය. එම පූජනීය ස්ථාන පිහිටා තිබුණේ විනාශය නමින් හැඳින්වූ කන්දට* දකුණු පැත්තෙනි. ඒ පූජනීය ස්ථාන සියල්ල යොෂියා රජ විනාශ කර දැමුවේය.
-