ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුහු කිසිම වටිනාකමක් නැති දෙවිවරුන් පසුපස ගොස් මාව උදහස් කළෝය.+

      ඔවුන්ගේ නිෂ්ඵල රූපවලින් මාව කුපිත කළෝය.+

      ඒ නිසා ඔවුන් වෙනුවට එතරම් වැදගත් නොවන ජනතාවකට මම කරුණාව පෙන්වන්නෙමි. එයින් ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති වේ.+

      මම ඔවුන් වෙනුවට අනුවණයයි සැලකෙන ජාතියක් තෝරාගන්නෙමි. එයින් ඔවුන් තුළ මහත් කෝපයක් ඇති වේ.+

  • යෙරෙමියා 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+

  • 1 කොරින්ති 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.

  • ගලාති 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් ඔබ දෙවිව නොදැන සිටි කාලයේදී+ ඔබ සිටියේ සැබවින්ම දෙවිවරුන් නොවන අයට වහල්වය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න