13 යෙහෝවා දෙවිගේ උදහස ඇය පිටට පැමිණි නිසා ඇයට නැවත කිසිදාක ජනාවාස වූ නගරයක් බවට පත් වීමට නොහැකි වනු ඇත.+ මුළු නගරයම නටබුන් බවට පත් වන්නේය.+ බැබිලෝනිය පසු කර යන සියලුදෙනා ඇයට සිදු වූ මේ මහත් විපත දෙස දෑස් අයා බලා සිටිනු ඇත. පීඩා නිසා ඇද වැටුණු ඇයට ඔවුහු සරදම් කරන්නෝය.+