විලාප ගී 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුළු රාත්‍රිය පුරාම ඇය හඬා වැලපෙන්නීය.+ ඇගේ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නේය.+ඇයව සැනසවීමට ඇගේ එක පෙම්වතෙක්වත් අද ඇය අසල නැත්තේය.+ඇය වටා රොක් වී සිටි ඇගේ මිතුරු මිතුරියෝ අද ඇයට සතුරුකම් කරන්නෝය.+ ඇයට ද්‍රෝහිකම් කරන්නෝය.+ විලාප ගී 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+ ආමොස් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ජනයා වැලපෙන හඬ+ සෑම මංසන්ධියකම ඇසෙනු ඇත. “අහෝ! අහෝ” යයි කියමින් ඔවුන් කෑගසන හඬ මංමාවත් සිසාරා යයි. ගොවියන්ටත්+ කුලියට හඬා වැලපෙන අයටත්+ ඇවිත් විලාප නඟන්න කියා පැවසීමට ඔවුන්ට සිදු වනු ඇත.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. ලූක් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් ඒ නුවරෙහි දොරටුව ළඟට පැමිණි විට මිය ගොස් සිටි මිනිසෙකුගේ දේහය+ උසුලාගෙන යන ආකාරය ඔහු දුටුවේය. මිය ගොස් සිටියේ එක් වැන්දඹුවකගේ පුතෙක්ය. ඇයට සිටි එකම+ පුතා ඔහුය. නුවරින් පැමිණි විශාල පිරිසක්ද ඇය සමඟ ගමන් කරමින් සිටියෝය.
2 මුළු රාත්‍රිය පුරාම ඇය හඬා වැලපෙන්නීය.+ ඇගේ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නේය.+ඇයව සැනසවීමට ඇගේ එක පෙම්වතෙක්වත් අද ඇය අසල නැත්තේය.+ඇය වටා රොක් වී සිටි ඇගේ මිතුරු මිතුරියෝ අද ඇයට සතුරුකම් කරන්නෝය.+ ඇයට ද්‍රෝහිකම් කරන්නෝය.+
16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+
16 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ජනයා වැලපෙන හඬ+ සෑම මංසන්ධියකම ඇසෙනු ඇත. “අහෝ! අහෝ” යයි කියමින් ඔවුන් කෑගසන හඬ මංමාවත් සිසාරා යයි. ගොවියන්ටත්+ කුලියට හඬා වැලපෙන අයටත්+ ඇවිත් විලාප නඟන්න කියා පැවසීමට ඔවුන්ට සිදු වනු ඇත.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
12 යේසුස් ඒ නුවරෙහි දොරටුව ළඟට පැමිණි විට මිය ගොස් සිටි මිනිසෙකුගේ දේහය+ උසුලාගෙන යන ආකාරය ඔහු දුටුවේය. මිය ගොස් සිටියේ එක් වැන්දඹුවකගේ පුතෙක්ය. ඇයට සිටි එකම+ පුතා ඔහුය. නුවරින් පැමිණි විශාල පිරිසක්ද ඇය සමඟ ගමන් කරමින් සිටියෝය.