ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යූදාහි රජවරුන් විසින් යූදා නුවරවල සහ යෙරුසලම අවට තිබූ පූජනීය ස්ථානවල සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා පත් කර සිටි පූජකයන්ව රජතුමා ඔවුන්ගේ තනතුරුවලින් පන්නා දැමුවේය. බාල්ට,+ හිරු සහ සඳුට, රාශි චක්‍රයට හා ග්‍රහ තාරකාවලට+ සුවඳ දුම් ඔප්පු කළ පූජකයන්වත් ඔහු පන්නා දැමුවේය.

  • 2 ලේකම් 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ+ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනඟා,+ බාල් දෙවිවරුන්ට+ පූජාසනද+ බොරු නමස්කාරය සඳහා කුලුනුද+ සෑදුවේය. ඔහු අහසේ සියලු වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+

  • එසකියෙල් 8:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊළඟට යෙහෝවා දෙවිගේ ගෘහයේ අභ්‍යන්තර මළුවට+ මාව ගෙන ගියේය. යෙහෝවා දෙවිගේ මාලිගාවට පිවිසෙන ස්ථානයෙහිම ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව හා පූජාසනය+ අතර පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ යෙහෝවා දෙවිගේ මාලිගාවට පිටුපස හරවාගෙන සිටි ඔවුහු+ නැඟෙනහිර දෙසට හැරී හිරුට වන්දනාමාන කරමින් සිටියෝය.+

  • ක්‍රියා 7:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 දෙවි ඔවුන්ගෙන් ඉවත් වී ඉර සඳ හා තාරකාවන්ට නමස්කාර කරන්න ඔවුන්ට ඉඩහැරියා.+ ඇත්තටම ඒ ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් වන්නේ මෙසේයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා සත්ව පූජා හා වෙනත් පූජා ඔප්පු කළේ මට නොවේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න