ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි දැන් කානානිවරුන්වද හිත්තීවරුන්වද හිවීයවරුන්වද පෙරිස්සිවරුන්වද ගිර්ගාෂිවරුන්වද අමෝරිවරුන්වද යෙබූසිවරුන්වද+ ඔබ ඉදිරියෙන් අනිවාර්යයෙන්ම පන්නා දමයි. එවිට ඔබ අතරේ සිටින+ ඔබේ දෙවි ජීවමාන දෙවි කෙනෙක් බව ඔබ ස්ථිර වශයෙන්ම තේරුම්ගනියි.

  • දානියෙල් 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මගේ රාජධානියේ සෑම පළාතකම ජීවත් වන ජනයා දානියෙල්ගේ දෙවි ඉදිරියේ භයෙන්ද වෙවුලමින්ද සිටිය යුතු බවට+ මම නියෝග කරමි.+ සදාකාලයෙන් සදාකාලයට සිටින ජීවමාන දෙවි ඔහුය.+ ඔහුගේ රාජ්‍යය+ කිසිදා විනාශ නොවන්නේය.+ ඔහුගේ පාලනයද සදහටම පවතින්නේය.+

  • යොහන් 6:57
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 57 මාව එව්වේ ජීවමාන+ පියාණන්. මා ජීවත් වන්නේ ඔහු නිසයි. ඒ වගේම මගේ ශරීරයෙන් පෝෂණය වන තැනැත්තා මා නිසා ජීවත් වෙයි.+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

  • 1 තෙසලෝනික 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න