ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+

      ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+

      මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+

      අදිටන් කර නොගත් පරම්පරාවකි.+

  • ගීතාවලිය 81:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එබැවින් මුරණ්ඩු ලෙස දිගටම ක්‍රියා කිරීමට මම ඔවුන්ට ඉඩහැරියෙමි.+

      ඔවුහු ඔවුන්ට රිසි පරිදි ජීවත් වුණෝය.+

  • යෙසායා 65:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “වැරදි මාර්ගයක+ ගමන් කරමින් හිතුමනාපෙට+ හැසිරෙන සෙනඟක්+ ඉදිරියේ මම දවස මුළුල්ලේම අත් විහිදුවා ඉවසිලිවන්තව බලා සිටියෙමි.

  • යෙරෙමියා 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ දවස්වලදී ඔවුහු යෙරුසලමට යෙහෝවා දෙවිගේ සිංහාසනය කියා පවසන්නෝය.+ යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා+ සියලු ජාතීහු යෙරුසලමට රැස් වනු ඇත.+ ඔවුහු තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නේවත් දුෂ්ටකම් කරන්නේවත් නැත.”’”+

  • යෙරෙමියා 7:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+

  • යෙරෙමියා 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තම තමන් කැමති මාර්ගයේ ගමන් කරමින් ඔවුහු මුරණ්ඩු ලෙස ක්‍රියා කළෝය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉගැන්වූ ලෙස+ ඔවුහු බාල් දෙවිවරුන්ට නමස්කාර කළෝය.+

  • සෙකරියා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුහු තමන්ගේ සිත්+ ගල් මෙන් දැඩි කරගත්තෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ බලය මාර්ගයෙන්+ අතීතයේ විසූ අනාගතවක්තෘවරුන්ට+ දුන් නීතියට ඔවුහු අකීකරු වූහ. ඔවුහු මාගේ වචනය ගැන කිසි තැකීමක් කළේ නැත. මේ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මම ඔවුන් සමඟ අතිශයින් උදහස් වුණෙමි.”+

  • රෝම 10:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එසේවුවත් දෙවි ඊශ්‍රායෙල්වරුන් ගැන මෙසේ පවසයි. “එකට එක කියන+ අකීකරු ජනතාවක්+ වන ඔබ දෙසට මාගේ අත් විහිදුවාගෙන දවස පුරා බලා සිටියෙමි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න