ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+

  • යෙරෙමියා 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+

  • යෙරෙමියා 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+

  • යෙරෙමියා 23:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+

  • යෙරෙමියා 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න.

  • එසකියෙල් 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+

  • මීකා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න