ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+

  • 2 රාජාවලිය 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+

  • 2 රාජාවලිය 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+

  • 2 රාජාවලිය 21:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු තම පුත්‍රයාව ගින්නෙන් දවා පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඔහු මන්ත්‍ර ගුරුකම්වල+ යෙදුණු අතර නිමිති බැලීමටද පටන්ගත්තේය. ඔහු මායාකාරයන්ව+ සහ ශාස්ත්‍ර කියන්නන්ව+ පත් කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක් කර දෙවිව උදහස් කළේය.

  • 2 ලේකම් 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු බෙන්හින්නොම් නිම්නයේ*+ සුවඳ දුම් ඔප්පු කළේය.+ එපමණක්ද නොව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන්ගේ+ පිළිකුල්සහගත වත්පිළිවෙත් අනුගමනය කරමින්+ ඔහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+

  • 2 ලේකම් 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+

  • යෙරෙමියා 7:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+

  • යෙරෙමියා 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා බාල් දෙවියාට ඔප්පු කරන පිණිස මේ ස්ථානයේ පූජනීය ස්ථාන ගොඩනැඟුවෝය.+ එසේ කරන්න කියා මම ඔවුන්ට අණ කළේ නැත.+ එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වූයේ නැත.”’+

  • යෙරෙමියා 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යූදා වැසියන්ව පාපයට පොලඹවන පිණිස+ ඔවුහු බාල් දෙවියාට පූජා ඔප්පු කිරීම සඳහා බෙන්හින්නොම් නිම්නයේ+ පූජනීය ස්ථාන ගොඩනැඟුවෝය.+ ඔවුහු තම පුත්‍රයන්ව හා දූවරුන්ව ගින්නෙන් දවා+ මෝලෙක්ට+ පූජා කළෝය. එවැනි පිළිකුල්සහගත දෙයක් කරන්න කියා මම ඔවුන්ට අණ කළේ නැත.+ එවැනි අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+

  • එසකියෙල් 16:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “‘ඔබ වේශ්‍යාකම් කළා මදිවට මට දාව ඔබ බිහි කළ දරුදැරියන්වද+ එම රූප ඉදිරියෙහි ඔප්පු කළෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න