ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත්+ හෙල්වලටත්+ වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+

  • යෙසායා 66:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පවිත්‍ර භාජනයක තෑග්ගක් රැගෙන එන්නාක් මෙන්+ ඔවුහු සියලු ජාතීන් අතරේ සිටින ඔබේ සහෝදරයන්ව+ යෙහෝවා දෙවි වන මා වෙතට රැගෙන එන්නෝය.+ ඔවුන්ව අශ්වයන් පිටද අශ්ව රථ පිටද කරත්ත පිටද කොටළුවන් පිටද වේගයෙන් දුවන ඔටුදෙනුන්+ පිටද තබාගෙන මාගේ ශුද්ධ කන්ද+ වන යෙරුසලමට ගෙනෙනු ලබයි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • එසකියෙල් 17:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එය ඊශ්‍රායෙල්හි පිහිටි උස් කන්දක සිටුවන්නෙමි.+ එයද අතු පතර විහිදී ගිය බොහෝ පල දරන+ දැවැන්ත දේවදාර ගසක් බවට පත් වන්නේය.+ ඒ ගසේ සියලු ආකාර කුරුල්ලන් වාසය කරනු ඇත. උන් එහි අතුවල සෙවණෙහි ලගිනු ඇත.+

  • මීකා 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද+ නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත් හෙල්වලටත් වඩා ඉහළින්+ පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී ජනයා වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න