ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 6:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යමෙකු යෙහෝවා දෙවි වන මට අවිශ්වාසවන්ත+ වෙමින් කරන පාප මේවාය. යම් ගනු දෙනුවක් සම්බන්ධයෙන් හෝ තමාට සුරක්ෂිතව තබාගැනීමට භාර දුන් දෙයක්+ සම්බන්ධයෙන් හෝ යමෙකු තම ආශ්‍රිතයාව රැවටුවොත්+ එය පාපයකි. ඔහු තම ආශ්‍රිතයාගෙන් යමක් සොරකම් කර ඒ ගැන බොරු කීවොත් හෝ තම ආශ්‍රිතයාට වංචාවක් කළොත් හෝ එයද පාපයකි.+

  • යෙසායා 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබේ පාලකයෝ මුරණ්ඩුය. ඔවුන් මිතුරුකම් පවත්වන්නේ සොරුන් සමඟය.+ ඔවුහු අල්ලසට ආශා කරති.+ තෑග්ගක්+ ලබාගැනීමට බොහෝ සෙයින් වෙහෙසෙති. පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් නොදෙන ඔවුහු වැන්දඹුවගේ පැමිණිල්ලවත් ගණනකට ගන්නේ නැත.+

  • යෙරෙමියා 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘මාගේ සෙනඟ අතරේම දුෂ්ට මනුෂ්‍යයෝ සිටිති.+ ඔවුහු සැඟවී සිටින කුරුලු දඩයක්කරුවන් මෙන් මිනිසුන්ව හසු කරගැනීමට මාන බලති.+ ඔවුන් අටවන උගුල් මාරාන්තිකය.

  • යෙරෙමියා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+

  • යෙරෙමියා 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දාවිත්ගෙන් පැවතෙන්නෙනි,+ යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ නඩු විභාග කරන විට සැමවිටම+ යුක්තිය ඉටු කරන්න.+ වංචනිකයන්ගේ අතින් පීඩාවට පත් වූ අයව බේරාගන්න.+ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස ඔබට විරුද්ධව ගින්නක් මෙන් ඇවිළෙනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුට නොහැකිය.”’+

  • මීකා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න