ගීතාවලිය 74:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝය.+ඔබේ නාමය දරන ශුද්ධ කූඩාරම බිම හෙළා කෙලෙසා දැමුවෝය.+ ගීතාවලිය 79:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 79 දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය.+ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා,+යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.+ යෙරෙමියා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය. විලාප ගී 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඈ සතු සෑම වස්තුවක්ම සතුරා පැහැරගත්තේය.+ඔබේ සෙනඟ සමඟ විසීමට ඔබ අවසර නොදුන් ජාතීහු,ඈ බලා සිටියදීම ශුද්ධස්ථානයට ඇතුල් වූහ.+ විලාප ගී 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි තම පූජාසනය ප්‍රතික්ෂේප කළේය.+ ශුද්ධස්ථානය අත්හැර දැමුවේය.+නුවරෙහි බලකොටු සතුරාගේ අතට යටත් කර දුන්නේය.+සතුරෝ යෙහෝවා දෙවිගේ ගෘහයේදී, උත්සව දිනයකදී මෙන් ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එසකියෙල් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ඔවුන්ට මෙසේද පැවසීය. “යන්න! ගොස් මාගේ ගෘහය කෙලෙසන්න. මළ සිරුරුවලින් එම ගෘහයේ මළු පුරවන්න.”+ එවිට ඔවුහු ගොස් නුවරේ සිටි සෙනඟට පහර දුන්නෝය.
14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය.
10 ඈ සතු සෑම වස්තුවක්ම සතුරා පැහැරගත්තේය.+ඔබේ සෙනඟ සමඟ විසීමට ඔබ අවසර නොදුන් ජාතීහු,ඈ බලා සිටියදීම ශුද්ධස්ථානයට ඇතුල් වූහ.+
7 යෙහෝවා දෙවි තම පූජාසනය ප්‍රතික්ෂේප කළේය.+ ශුද්ධස්ථානය අත්හැර දැමුවේය.+නුවරෙහි බලකොටු සතුරාගේ අතට යටත් කර දුන්නේය.+සතුරෝ යෙහෝවා දෙවිගේ ගෘහයේදී, උත්සව දිනයකදී මෙන් ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+
7 ඔහු ඔවුන්ට මෙසේද පැවසීය. “යන්න! ගොස් මාගේ ගෘහය කෙලෙසන්න. මළ සිරුරුවලින් එම ගෘහයේ මළු පුරවන්න.”+ එවිට ඔවුහු ගොස් නුවරේ සිටි සෙනඟට පහර දුන්නෝය.