24 ලොකු කුඩා පලිස් අතැතිව, හිස්වැසුම්වලින් සැරසුණු මහත් සමූහයක් සමඟ පැමිණෙන ඔවුහු වේගයෙන් ධාවනය වන යුධ රථවල නැඟ ඔබට විරුද්ධව එති.+ ඔවුහු ඔබව සම්පූර්ණයෙන්ම වට කරන්නෝය. ඔබව විනිශ්චය කරන්න මම ඔවුන්ට අවසර දෙන්නෙමි. එහෙයින් ඔවුහු තමන් කැමති ලෙස ඔබව විනිශ්චය කර ඔබට දඬුවම් කරන්නෝය.+