2 සාමුවෙල් 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෝවාබ් සහ ඔහුගේ සෙනඟ ආබෙල් බෙත්-මයකා වෙත පැමිණ ඒ නුවර වැටලුවෝය.+ ඒ නුවරේ බලකොටුව වටා පවුරක් තිබිණ. ඔවුහු නුවරට පහර දෙන පිණිස ඒ පවුරට ඉදිරියෙන් තවත් පවුරක් ගොඩනැඟුවේය. යෝවාබ් සමඟ සිටි සියලුදෙනා ඒ නුවරේ බලකොටුව බිඳ දමන්න උත්සාහ කළෝය. යෙරෙමියා 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ගස් කපා+ යෙරුසලම වටා බැම්මක් ඉදි කරන්න.+ ඇය දුෂ්ටකමින් පිරී තිබෙන නුවරකි.+ ඒ නිසා මා ඉදිරියේ ගණන් දීමට ඇයට සිදු වෙයි.+ යෙරෙමියා 32:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 බලන්න සිදු වී තිබෙන දේ! නගරය අල්ලාගන්නා පිණිස+ කල්දිවරුන් නගරය වටා බැම්මක් ඉදි කර තිබෙනවා.+ යුද්ධ,+ සාගත+ හා වසංගත+ ඇති වී තිබෙන නිසා කල්දිවරුන් අනිවාර්යයෙන්ම මේ නගරය අල්ලාගනියි.+ ඔබ පැවසූ ලෙසම සෑම දෙයක්ම සිදු වෙනවා.+ එසකියෙල් 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු ඔබ අවට පිහිටි කුඩා ගම්මානවල වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔහු ඔබව වටලා ඔබට පහර දෙන පිණිස ඔබ වටේට පවුරු ගොඩනඟන්නේය.+ ඔබට විරුද්ධව විශාල පලිහක්ද ඔසවන්නේය.
15 යෝවාබ් සහ ඔහුගේ සෙනඟ ආබෙල් බෙත්-මයකා වෙත පැමිණ ඒ නුවර වැටලුවෝය.+ ඒ නුවරේ බලකොටුව වටා පවුරක් තිබිණ. ඔවුහු නුවරට පහර දෙන පිණිස ඒ පවුරට ඉදිරියෙන් තවත් පවුරක් ගොඩනැඟුවේය. යෝවාබ් සමඟ සිටි සියලුදෙනා ඒ නුවරේ බලකොටුව බිඳ දමන්න උත්සාහ කළෝය.
6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ගස් කපා+ යෙරුසලම වටා බැම්මක් ඉදි කරන්න.+ ඇය දුෂ්ටකමින් පිරී තිබෙන නුවරකි.+ ඒ නිසා මා ඉදිරියේ ගණන් දීමට ඇයට සිදු වෙයි.+
24 බලන්න සිදු වී තිබෙන දේ! නගරය අල්ලාගන්නා පිණිස+ කල්දිවරුන් නගරය වටා බැම්මක් ඉදි කර තිබෙනවා.+ යුද්ධ,+ සාගත+ හා වසංගත+ ඇති වී තිබෙන නිසා කල්දිවරුන් අනිවාර්යයෙන්ම මේ නගරය අල්ලාගනියි.+ ඔබ පැවසූ ලෙසම සෑම දෙයක්ම සිදු වෙනවා.+
8 ඔහු ඔබ අවට පිහිටි කුඩා ගම්මානවල වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔහු ඔබව වටලා ඔබට පහර දෙන පිණිස ඔබ වටේට පවුරු ගොඩනඟන්නේය.+ ඔබට විරුද්ධව විශාල පලිහක්ද ඔසවන්නේය.