ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මගේ සේවකයන් ඒවා ලෙබනොන්+ සිට මුහුද ළඟට ගෙන එයි. ඉන්පසු මගේ සේවකයන් එම ලීවලින් පාරු සාදා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනැවිත් ඒවා ලිහා දෙයි.+ එවිට ඔබට ඒවා රැගෙන යෑමට හැකියි. ඒ වෙනුවෙන් ඔබ මගේ ගෙයි වැසියන්ට අවශ්‍ය ආහාර පමණක් සපයන්න.”+

  • 2 ලේකම් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ මා වෙතට එවන ඔබේ සේවකයන්ට අවශ්‍ය ආහාර මම සපයන්නම්. ගස් කපන්නන් හා දැව අදින්නන් වෙනුවෙන් තිරිඟු කෝර් ඒකක* විසිදහසක්ද+ බාර්ලි කෝර් ඒකක විසිදහසක්ද වයින්+ බාත් ඒකක* විසිදහසක්ද තෙල් බාත් ඒකක විසිදහසක්ද දැනටමත් මම වෙන් කර තිබෙනවා.”

  • එස්රා 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුහු දේවමාලිගාව ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ගල් කඩන්නන්ට+ හා කැටයම්කරුවන්ට+ අවශ්‍ය මුදල්+ ලබා දුන්නෝය. ඔවුහු සීදොන්හි+ සහ තීර්හි+ වැසියන්ට කෑම+ බීමද තෙල්ද+ ලබා දෙමින් ලෙබනොන්+ දේශයේ සිට යොප්පාව+ දක්වා මුහුදෙන් දේවදාර ලී ගෙන්වාගත්තෝය. මේ සෑම දෙයක්ම සිදු වූයේ පර්සියාවේ රජු වූ සයිරස්ගේ+ අවසරය ඇතුවය.

  • ක්‍රියා 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ කාලයේදී හෙරොද්, තීර් සහ සීදොන්හි වැසියන් සමඟ කෝපයෙන් සිටි නිසා ඔහු සිතාගෙන සිටියේ ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමටය. එවිට එම නුවරවලින් දූත පිරිසක් ඇවිත් රජුගේ මන්දිරයේ වාසය කළ සියලුදෙනාව බලා කියා ගත් බ්ලස්ටස් නම් තැනැත්තා මාර්ගයෙන් සාමය සඳහා ඉල්ලීමක් කළෝය. ඔවුන් එසේ කළේ ඔවුන්ගේ ප්‍රදේශයට හෙරොද් රජුගේ ප්‍රදේශයෙන් ආහාර සපයනු ලැබූ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න