19 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “ආරොන්ට මෙසේ කියන්න. ‘ඊජිප්තු දේශයේ සියලු ගංගා, ඇළදොළ හා පොකුණුවල+ තිබෙන වතුර ලේ බවට හැරෙන පිණිස ඔබේ සැරයටිය ජලය තිබෙන සෑම තැනකටම දිගු කරන්න.’+ එවිට ඊජිප්තු දේශයේ සෑම තැනකම ලේ දකින්න ලැබෙයි. ලීවලින් හා ගල්වලින් සෑදූ සෑම භාජනයකම ලේ තිබේවි.”