3 ඊජිප්තුවරුන් නිකම්ම නිකම් මනුෂ්‍යයන් පමණයි.+ ඔවුන්ව දෙවිට සමාන කළ නොහැකියි. ඔවුන්ගේ අශ්වයන් ස්වර්ගයෙන් බැස ආ දූතයන් නොව ඇට මස් සහිත සතුන් පමණයි.+ යෙහෝවා දෙවි තම අත දිගු කර පහර දෙන්නේය. එවිට උපකාර දෙන තැනැත්තාද උපකාර පතන තැනැත්තාද එකට වැටී විනාශ වී යන්නෝය.+