ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+

      මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය.

  • යෙසායා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.

  • යෙරෙමියා 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+

  • මීකා 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+

  • ලූක් 1:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.

  • ක්‍රියා 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න