ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට ඔබ දිවා රෑ දෙකෙහිම මට හඬගසන නමුත් මම පිළිතුරු නොදෙන්නෙමි.+ ඔබ සෑම තැනකම මාව සෙව්වද සම්බ නොවන්නේය.+

  • යෙසායා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+

  • යෙරෙමියා 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එබැවින් මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.+ ඉන් ගැලවී යෑමට ඔවුන්ට කිසිසේත් නොහැකි වන්නේය.+ එදාට ඔවුහු මාගෙන් පිහිට පතන්නෝය. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.

  • යෙරෙමියා 14:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුන් නිරාහාරව සිට මට කන්නලව් කළත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ ඔවුන් දවන පූජා හා ධාන්‍ය පූජා ඔප්පු කළත් මට ඉන් කිසි සතුටක් නොලැබේ.+ මම ඔවුන්ට කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දී ඔවුන්ව විනාශ කර දමන්නෙමි.”+

  • මීකා 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+

  • සෙකරියා 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘මා ඔවුන්ට කතා කළ විට ඔවුහු මට ඇහුම්කන් නොදුන්නෝය.+ එබැවින් ඔවුන් මට හඬගසන විට මමද ඔවුන්ට සවන් නොදුන්නෙමි.’+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න