ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. යෙරෙමියා 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත්, ‘යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්! යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්! යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්’ කියා පැවසුවද ඒ වදන් කෙරෙහි විශ්වාසය නොතබන්න. ඒ සියල්ල රැවටිලිකාර අදහස්ය.+ මීකා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය. ශෙපනියා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උඩඟු ලෙස තමන් ගැනම පුරසාරම් දොඩන අයව මම ඒ කාලයේදී ඔබ අතරෙන් ඉවත් කරන්නෙමි.+ එබැවින් ඔබ මට විරුද්ධව කළ දේවල් ගැන ඒ දවසේදී ඔබ ලැජ්ජා නොවනු ඇත.+ ඔබ අතරෙන් කිසිවෙක් මගේ ශුද්ධ කන්දේදී නැවත කිසිදාක උඩඟු ලෙස හැසිරෙන්නේ නැත.+
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
4 නමුත්, ‘යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්! යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්! යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්’ කියා පැවසුවද ඒ වදන් කෙරෙහි විශ්වාසය නොතබන්න. ඒ සියල්ල රැවටිලිකාර අදහස්ය.+
11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.
11 උඩඟු ලෙස තමන් ගැනම පුරසාරම් දොඩන අයව මම ඒ කාලයේදී ඔබ අතරෙන් ඉවත් කරන්නෙමි.+ එබැවින් ඔබ මට විරුද්ධව කළ දේවල් ගැන ඒ දවසේදී ඔබ ලැජ්ජා නොවනු ඇත.+ ඔබ අතරෙන් කිසිවෙක් මගේ ශුද්ධ කන්දේදී නැවත කිසිදාක උඩඟු ලෙස හැසිරෙන්නේ නැත.+