ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+

  • 2 ලේකම් 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+

  • යෙසායා 57:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+

  • යෙරෙමියා 7:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+

  • යෙරෙමියා 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යූදා වැසියන්ව පාපයට පොලඹවන පිණිස+ ඔවුහු බාල් දෙවියාට පූජා ඔප්පු කිරීම සඳහා බෙන්හින්නොම් නිම්නයේ+ පූජනීය ස්ථාන ගොඩනැඟුවෝය.+ ඔවුහු තම පුත්‍රයන්ව හා දූවරුන්ව ගින්නෙන් දවා+ මෝලෙක්ට+ පූජා කළෝය. එවැනි පිළිකුල්සහගත දෙයක් කරන්න කියා මම ඔවුන්ට අණ කළේ නැත.+ එවැනි අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+

  • එසකියෙල් 20:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔවුහු තම කුලුඳුල් පුත්‍රයන්ව ගින්නෙන් පුලුස්සා* වෙනත් දෙවිවරුන්ට ඔප්පු කළෝය.+ මමද ඔවුන්ට එසේ අපවිත්‍ර වීමට ඉඩහැරියෙමි. මා එසේ කළේ ඔවුන්ව විනාශ කර දමන පිණිසය. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න