15 ඔවුන් කරන මේ පිළිකුල්සහගත ක්‍රියා ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් ඇති වීද?+ ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැත. ලැජ්ජාව කියන්නේ කුමක්ද කියාවත් ඔවුහු නොදනිති.+ ඒ නිසා වැටී යන අය අතරේ ඔවුහුද සිටිනු ඇත.+ ඔවුන් කළ දේවලට මා දඬුවම් කරන දවසේදී ඔවුන්ගේ වැටීමද සිදු වනු ඇත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.