ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඊශ්‍රායෙල්වරුනි, නිෂ්ඵල දේවල් පසුපස නොයන්න. එසේ කළොත් ඔබේ දෙපා විඩාවට පත් වනු ඇත. පිපාසයෙන් ඔබේ උගුර වියළී යනු ඇත.+ නමුත් ඔබ, ‘මට ආපසු හැරී එන්න බැහැ.+ මගේ හිත ඇදී ගිහින් තියෙන්නේ වෙනත් අය වෙතටයි.+ ඔවුන් යන මාර්ගයේ මමත් යනවා’+ කියා පවසා ඇත.

  • යෙරෙමියා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මිනිසෙකු තම බිරිඳව දික්කසාද කළ පසු ඇය වෙන පුරුෂයෙකු සමඟ විවාහ වුණොත් කලින් පුරුෂයාට ඇයව නැවත විවාහ කරගැනීමට අයිතියක් නැත” කියා කියමනක් තිබේ.+

      එවැනි දෙයක් සිදු වුණොත් මුළු දේශයම අපවිත්‍ර වන්නේය. මේ දේශයට සිදු වී ඇත්තෙත් එය නොවේද?+

      “ඔබ* බොහෝ පෙම්වතුන් සමඟ වේශ්‍යාකම් කර ඇත.+ එසේ ක්‍රියා කළ ඔබට දැන් මා වෙතට හැරී එන්න පුළුවන්ද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය.

  • යෙරෙමියා 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් ඊශ්‍රායෙල් ජනයෙනි, තම ස්වාමිපුරුෂයාව අත්හැර යන අවිශ්වාසවන්ත භාර්යාවක මෙන්+ ඔබ මට ද්‍රෝහි වී ඇත.+ මෙසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.”

  • හොෂෙයා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි තවදුරටත් මට මෙසේ කීවේය. “ඔබ දැන් නැවත ගොස්, අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකට ආදරය කරන්න.+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින්+ ඒ දෙවිවරුන්ට වියළි මිදි කුට්ටි ඔප්පු කිරීමට ආශා කරන+ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන්නාක් මෙන්+ ඔබත් අන් පුරුෂයෙකුගෙන් ආදරය ලබන ඒ ස්ත්‍රියට ප්‍රේම කරන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න