ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය.

  • ලෙවී කතාව 20:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘මන්තර ගුරුකම් කරන නැත්නම් ශාස්ත්‍ර කියන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ ඔබ අතරේ සිටියොත්+ ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔවුන්ට ගල් ගසා මැරිය යුතුයි. ඔවුන්ගේ මරණයට වග කිව යුත්තේ ඔවුන්මය.’”+

  • එසකියෙල් 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘ඔබ අනිවාර්යයෙන්ම මිය යනවා’+ කියා මා දුෂ්ට කෙනෙකුට පැවසුවොත් ඔබ ඔහුට කතා කර ඔහුගේ දුෂ්ට ක්‍රියා ගැන අනතුරු අඟවා ඔහුගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළ යුතුයි.+ ඔබ එසේ නොකළොත් ඔහු කළ දුෂ්ටකම් නිසා ඔහු මිය යයි.+ නමුත් ඔබ ඔහුගේ ජීවිතය වෙනුවෙන් මට වන්දි ගෙවිය යුතුයි.+

  • එසකියෙල් 33:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ හොරණෑවේ ශබ්දය ඇසුණද අනතුරු ඇඟවීමට කන් නොදුන් නිසා+ යමෙක් ඒ කඩු පහරට හසු වී මිය ගියේ නම් ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+

  • ක්‍රියා 18:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්‍ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න