නෙහෙමියා 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙත් ඔබ ඔවුන්ව පාළුකරයේදී අතරමං කර අත්හැර දමා ගියේ නැහැ.+ ඒ ඔබේ අතිමහත් දයාව නිසයි. දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වන්න තිබූ වලා ටැඹවත්+ රාත්‍රියේදී ඔවුන්ගේ මඟට එළිය දුන් ගිනි ජාලාවවත්+ ඔබ ඉවත් කළේ නැහැ. ගීතාවලිය 78:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය. යෙරෙමියා 30:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබව බේරාගැනීමට මම නිතරම ඔබ සමඟ සිටිමි.+ මා ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත. සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.”+ විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
19 එහෙත් ඔබ ඔවුන්ව පාළුකරයේදී අතරමං කර අත්හැර දමා ගියේ නැහැ.+ ඒ ඔබේ අතිමහත් දයාව නිසයි. දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වන්න තිබූ වලා ටැඹවත්+ රාත්‍රියේදී ඔවුන්ගේ මඟට එළිය දුන් ගිනි ජාලාවවත්+ ඔබ ඉවත් කළේ නැහැ.
38 නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය.
11 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබව බේරාගැනීමට මම නිතරම ඔබ සමඟ සිටිමි.+ මා ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත. සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.”+
22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+