2 සාමුවෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+ එසකියෙල් 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුහු මාගේ සේවකයා වූ යාකොබ්ට මා දුන් දේශයෙහි අනිවාර්යයෙන්ම වාසය කරන්නෝය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් වාසය කළ ඒ දේශයේ+ ඔවුහුද ඔවුන්ගේ පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද සදහටම වාසය කරනු ඇත.+ මාගේ සේවක වූ දාවිත් සදහටම ඔවුන්ගේ අධිපති ලෙස කටයුතු කරන්නේය.+ දානියෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+ මීකා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+ එළිදරව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+
13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
25 ඔවුහු මාගේ සේවකයා වූ යාකොබ්ට මා දුන් දේශයෙහි අනිවාර්යයෙන්ම වාසය කරන්නෝය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් වාසය කළ ඒ දේශයේ+ ඔවුහුද ඔවුන්ගේ පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද සදහටම වාසය කරනු ඇත.+ මාගේ සේවක වූ දාවිත් සදහටම ඔවුන්ගේ අධිපති ලෙස කටයුතු කරන්නේය.+
14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+
7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+
15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+