ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+

      මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය.

  • ගීතාවලිය 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔබ නිර්මාණය කළ සියල්ල ඔබ ඔහු යටතේ තැබුවෙහිය.+

      ඔහුගේ පාදවලට සියල්ල යටත් කළෙහිය.+

  • ගීතාවලිය 89:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මම ඔහුට කුලුඳුල්කම දෙන්නෙමි.+

      මම ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ කරන්නෙමි.+

  • ගීතාවලිය 110:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.

      දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+

  • යෙසායා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.

  • මතෙව් 28:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යේසුස් ඔවුන් ළඟට ඇවිත් මෙසේ කීවේය. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය+ මට දී තිබෙනවා.

  • ලූක් 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මගේ පියාණන් මට සෑම දෙයක්ම භාර දී තිබෙනවා.+ පුත්‍රයාව හොඳින් හඳුනාගෙන සිටින්නේ පියාණන් පමණයි.+ පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නෙත් පුත්‍රයා පමණයි.+ ඒ වගේම යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ පුද්ගලයාට පියාණන් ගැන එළිදරව් කරයි.”

  • 1 කොරින්ති 15:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි.+

  • එෆීස 1:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එමෙන්ම දෙවි ඔහුගේ පාදවලට සියල්ල යටත් කර+ සභාවේ ප්‍රයෝජනය උදෙසා ඔහුව සියලු දේවල් කෙරෙහි හිස ලෙස පත් කළේය.+

  • එළිදරව් 3:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න