ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.

  • යෙරෙමියා 2:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති.

  • දානියෙල් 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවියනි, ඔබ සැබවින්ම ධර්මිෂ්ඨයි. නමුත් අපි ඔබට ද්‍රෝහිව කටයුතු කළා. ඔබ යූදා දේශයේ, යෙරුසලමේ හා මුළු ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ව පන්නා දමා අවට ජාතීන්ගේ හා දුර ඈත ජාතීන්ගේ අතට ඔවුන්ව භාර දුන්නේ ඒ නිසයි.+ අද අපි ලැජ්ජාවට පත්ව සිටින්නෙත් ඒ නිසයි.+

  • හොෂෙයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘ඊශ්‍රායෙල් මට මුලදී සම්බ වූ විට ඔහු පාළුකරයෙන් කඩාගත් මිදිපොකුරක් මෙන් විය.+ ඔබේ මුතුන්මිත්තන්ව මුලින්ම දුටුදා මා ඔවුන්ව සැලකුවේ අත්තික්කා ගසේ මුල් පලදාව ලෙසය.+ නමුත් ඔවුහු පෙයෝර් කන්දේ බාල් දෙවියා පසුපස ගියෝය.+ ඔවුහු පිළිකුල් දේට ඇලුම් කර ඒ වෙනුවෙන් තම ජීවිත කැප කළහ.+ ඒ නිසා, ඔවුන් ඇලුම් කළ ඒ පිළිකුල් දේ මෙන් ඔවුහුද මට මහත් පිළිකුලක් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න