නික්මයාම 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+ විනිශ්චයකරුවෝ 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි. යෙසායා 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+ හොෂෙයා 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු මාගේ සැලැස්ම ප්‍රතික්ෂේප කරමින් හිතුමනාපෙට රජවරුන්ව පත් කරගෙන ඇත.+ තමන්ගේ කැමැත්තට අනුව පාලකයන්ව පත් කරගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන මාගෙන් විමසුවේ නැත. ඔවුහු තමන්ගේ රන් රිදීවලින් දේවතා රූප සාදාගත්තෝය.+ එබැවින් ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.+ හොෂෙයා 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙත් එහි වැසියෝ තමන්ගේ රිදීවලින් බොරු දෙවිවරුන්ගේ රූප සාදාගෙන තව තවත් පව් කරති.+ රන්කරුවන් ලවා+ හිතුමනාපෙට සාදාගත් ඒ රූප+ ගැන ඔවුහු මෙසේ කියති. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියා පූජා ඔප්පු කිරීමට පැමිණෙන මිනිසුන්ට කියන්න.’+
4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+
4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි.
6 ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+
4 ඔවුහු මාගේ සැලැස්ම ප්‍රතික්ෂේප කරමින් හිතුමනාපෙට රජවරුන්ව පත් කරගෙන ඇත.+ තමන්ගේ කැමැත්තට අනුව පාලකයන්ව පත් කරගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන මාගෙන් විමසුවේ නැත. ඔවුහු තමන්ගේ රන් රිදීවලින් දේවතා රූප සාදාගත්තෝය.+ එබැවින් ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.+
2 එහෙත් එහි වැසියෝ තමන්ගේ රිදීවලින් බොරු දෙවිවරුන්ගේ රූප සාදාගෙන තව තවත් පව් කරති.+ රන්කරුවන් ලවා+ හිතුමනාපෙට සාදාගත් ඒ රූප+ ගැන ඔවුහු මෙසේ කියති. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියා පූජා ඔප්පු කිරීමට පැමිණෙන මිනිසුන්ට කියන්න.’+