13 ඔබ මා ඉදිරියට තවත් ධාන්‍ය පූජා රැගෙන නොඑන්න.+ ඒවායින් මට කිසි පලක් නැත. ඔබ මා ඉදිරියේ ඔප්පු කරන සුවඳ දුම්ද මට පිළිකුලක්ය.+ ඔබ නව සඳ පායන දවස්ද+ සබත් දවස්ද+ සමරන්නහුය. විශේෂ රැස්වීම්ද පවත්වන්නහුය.+ එහෙත් ඔබ මන්තර ගුරුකම්වලින්+ ඒ ශුද්ධ දවස් දූෂ්‍ය කර තිබේ. ඒ නිසා මම ඒ සියල්ල හෙළාදකින්නෙමි.