-
ආමොස් 9:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 යෙහෝවා දෙවි පූජාසනයට ඉහළින් සිටින අයුරු මම දුටුවෙමි.+ දෙවි මෙසේ පැවසුවේය. “නමස්කාරය සඳහා සාදා ඇති කණුවල මුදුනටම ගසන්න. ඒවායෙහි අත්තිවාරම් දෙදරා යන ලෙස ගසන්න. ඒ සෑම කණුවකම ඉහළ කොටස කපා දමන්න.+ බේරී ජීවත් වන කිසිවෙකු ඇත්නම් ඒ සියලුදෙනාවම මම කඩුවෙන් මරා දමන්නෙමි. කිසිවෙකුට මගෙන් බේරී පලා යෑමට ඉඩ ලැබෙන්නේ නැත.+
-