2 රාජාවලිය 17:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙත් ඒ දේශයේ පදිංචිව සිටි ජාතීන් නමස්කාර කළේ තම තමන්ගේ දෙවිවරුන්ටය.+ ඔවුහු තමන් නමස්කාර කළ දෙවිවරුන්ගේ රූප සාදා, කලින් සමාරියේ සිටි ජනයා සෑදූ පූජනීය ස්ථානවල ඒ රූප තැබුවෝය. මෙසේ ඒ දේශයේ වාසය කළ එක් එක් ජාතිය තම තමන් විසූ නුවරවල තැබීමට දේවතා රූප සාදාගත්තෝය. යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+
29 එහෙත් ඒ දේශයේ පදිංචිව සිටි ජාතීන් නමස්කාර කළේ තම තමන්ගේ දෙවිවරුන්ටය.+ ඔවුහු තමන් නමස්කාර කළ දෙවිවරුන්ගේ රූප සාදා, කලින් සමාරියේ සිටි ජනයා සෑදූ පූජනීය ස්ථානවල ඒ රූප තැබුවෝය. මෙසේ ඒ දේශයේ වාසය කළ එක් එක් ජාතිය තම තමන් විසූ නුවරවල තැබීමට දේවතා රූප සාදාගත්තෝය.
11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+