-
ද්විතීය කතාව 10:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 “ඊශ්‍රායෙල්වරුනි, ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි.+ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ගරුබිය+ දැක්විය යුතුයි. ඔබ එසේ කළොත් ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරමින්+ සැමවිටම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ ඔබට හැකි වෙයි. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න ඔබ පෙලඹෙයි.+
-
-
එසකියෙල් 45:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊශ්‍රායෙල් දේශයේ අධිපතිවරුනි, ඔබ කළ දුෂ්ටකම් දැන් හොඳටම ඇති!’+
“‘ඔබේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නතර කරන්න. මින් ඉදිරියට අන් අය සතු දේ පැහැර නොගන්න.+ සාධාරණය ඉටු කර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ ඔබ තවදුරටත් මාගේ සෙනඟට අයිති කිසිවක් බලහත්කාරයෙන් පැහැර නොගත යුතුය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
-