යෝබ් 42:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි.+ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.+ යෙරෙමියා 32:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “යෙහෝවා වන මම මුළු මිනිස් සංහතියේම දෙවිය.+ මට කළ නොහැකි කිසිවක් තිබේද?+ මාක් 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යේසුස් ඔවුන් දෙස හොඳින් බලා, “මිනිසුන් මොනව කළත් තමාගේම උත්සාහයෙන් ගැලවීම ලබාගන්න ඔවුන්ට බැහැ. නමුත් දෙවිට ඒ දේ ලබා දිය හැකියි. මන්ද දෙවිට සෑම දෙයක්ම කරන්න පුළුවන්”+ කියා පැවසුවේය. ලූක් 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහුද, “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්”+ කියා පිළිතුරු දුන්නේය.
27 යේසුස් ඔවුන් දෙස හොඳින් බලා, “මිනිසුන් මොනව කළත් තමාගේම උත්සාහයෙන් ගැලවීම ලබාගන්න ඔවුන්ට බැහැ. නමුත් දෙවිට ඒ දේ ලබා දිය හැකියි. මන්ද දෙවිට සෑම දෙයක්ම කරන්න පුළුවන්”+ කියා පැවසුවේය.