4 මම මගේ දෙවි වන යෙහෝවාට අප කළ පව් ගැන කියමින් මෙසේ යාච්ඤා කළෙමි.+
“යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ+ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්. ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ ප්‍රේමය නොඅඩුව පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම කිසිදා කඩ කරන්නේ නැහැ.+