ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • මතෙව් 23:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ‘අපේ මුතුන්මිත්තන්ගේ දවස්වලදී අප සිටියා නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට අපි ඔවුන් සමඟ හවුල් වන්නේ නැහැ’+ කියා පවසනවා.

  • ලූක් 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ දේවල් සිදු වන විට ප්‍රීති වන්න. ප්‍රීතියෙන් ඉපිල යන්න. මන්ද ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඒ දේවල්ම කළා.+

  • ක්‍රියා 7:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+

  • 1 තෙසලෝනික 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති.

  • හෙබ්‍රෙව් 11:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔවුන්ට ගල්වලින් ගසන ලදි.+ ඔවුන් දැරූ ස්ථාවරය අත්හැරීමට බල කරමින් ඔවුන්ට පීඩා කරන ලදි.+ ඔවුන්ව කියතෙන් දෙකට ඉරනු ලැබීය. ඔවුහු කඩුවෙන් මැරුම් කෑවෝය.+ අගහිඟකම්වලින් පෙළෙමින් පීඩා+ සහ වධ හිංසාද විඳිමින්+ බැටළු හම්+ හා එළු හම් ඇඳගෙන අසරණව+ තැනින් තැන ඇවිද්දෝය.

  • යාකොබ් 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සහෝදරයෙනි, යෙහෝවා දෙවිගේ නාමයෙන් කතා කළ+ අනාගතවක්තෘවරුන්+ නපුරු දේවල් දරාගත් ආකාරයද+ ඔවුන් ඉවසූ ආකාරයද+ ආදර්ශයට ගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න