ගණන් කතාව 18:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවිට පරිත්‍යාග කළ පසු ඉතුරු වන දේ ඔබටත් ඔබේ ගෙයි වැසියන්ටත් ඕනෑම තැනක සිට අනුභව කළ හැක. එය සම්මුඛ වීමේ කූඩාරමේ ඔබ කරන සේවය සඳහා ඔබට ලැබෙන ත්‍යාගයයි.+ මාක් 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු ඔවුන්ට දුන් මඟ පෙන්වීම් මෙසේය. එනම් ගමන සඳහා සැරයටියක් හැර වෙන කිසිම දෙයක් රැගෙන නොයන්න. රොටිවත් කෑම මල්ලක්වත්+ රැගෙන නොයන්න කියාත් තම ඉඟටි පටියේ පසුම්බිවල තඹ කාසි නොදමන්න+ කියාත් ඔහු පැවසුවේය. ලූක් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ට මෙසේ කීවේය. “ගමනට කිසිම දෙයක් ගෙනි යන්න එපා. සැරයටියක්වත් කෑම මල්ලක්වත් රොටිවත් රිදී කාසිවත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත්* රැගෙන යන්න එපා.+ ලූක් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ නුවරකට ඇතුල් වූ පසු නවාතැන් ගැනීමට නිවසක් සොයමින් තැනින් තැන යන්න එපා.+ ඔබව පිළිගන්නා නිවසෙහි අය ඔබට ලබා දෙන දේවල් කමින් බොමින්+ එහිම නැවතී සිටින්න.+ යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි.+ 1 කොරින්ති 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම ශුභාරංචිය ප්‍රකාශ කරන අයටත් තම එදිනෙදා අවශ්‍යතා සඳහා යමක් බලාපොරොත්තු විය හැකි බව+ ස්වාමීන් වන යේසුස් පවා සඳහන් කළේය.+ 1 තිමෝති 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ.
31 දෙවිට පරිත්‍යාග කළ පසු ඉතුරු වන දේ ඔබටත් ඔබේ ගෙයි වැසියන්ටත් ඕනෑම තැනක සිට අනුභව කළ හැක. එය සම්මුඛ වීමේ කූඩාරමේ ඔබ කරන සේවය සඳහා ඔබට ලැබෙන ත්‍යාගයයි.+
8 ඔහු ඔවුන්ට දුන් මඟ පෙන්වීම් මෙසේය. එනම් ගමන සඳහා සැරයටියක් හැර වෙන කිසිම දෙයක් රැගෙන නොයන්න. රොටිවත් කෑම මල්ලක්වත්+ රැගෙන නොයන්න කියාත් තම ඉඟටි පටියේ පසුම්බිවල තඹ කාසි නොදමන්න+ කියාත් ඔහු පැවසුවේය.
3 ඔවුන්ට මෙසේ කීවේය. “ගමනට කිසිම දෙයක් ගෙනි යන්න එපා. සැරයටියක්වත් කෑම මල්ලක්වත් රොටිවත් රිදී කාසිවත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත්* රැගෙන යන්න එපා.+
7 ඔබ නුවරකට ඇතුල් වූ පසු නවාතැන් ගැනීමට නිවසක් සොයමින් තැනින් තැන යන්න එපා.+ ඔබව පිළිගන්නා නිවසෙහි අය ඔබට ලබා දෙන දේවල් කමින් බොමින්+ එහිම නැවතී සිටින්න.+ යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි.+
14 එලෙසම ශුභාරංචිය ප්‍රකාශ කරන අයටත් තම එදිනෙදා අවශ්‍යතා සඳහා යමක් බලාපොරොත්තු විය හැකි බව+ ස්වාමීන් වන යේසුස් පවා සඳහන් කළේය.+
18 මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ.