ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 8:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 පූජාවෙන් නැඟී ආ සුවඳ යෙහෝවා දෙවිට ප්‍රසන්න විය.+ එබැවින් යෙහෝවා දෙවි මෙසේ සිතුවේය.+ “මිනිසාගේ ක්‍රියා නිසා මම නැවත කිසිදා භූමියට ශාප නොකරන්නෙමි.+ මන්ද කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම+ යොමු වී තිබේ.+ මම මේ වතාවේදී ජීවත් වන සියල්ලන්ව විනාශ කළ නමුත් නැවත කිසිදා එසේ නොකරන්නෙමි.+

  • ද්විතීය කතාව 15:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත්, ‘ණය සහනය ලබා දෙන හත්වන අවුරුද්ද ළඟටම ඇවිත්’+ කියා සිතමින් ඔබේ දුප්පත් සහෝදරයාට කිසි උපකාරයක් නොකර සිටින්න ඔබ තීරණය කරන්න පුළුවන්.+ එවැනි අවස්ථාවකදී ඔබේ අසරණ සහෝදරයාට ඔබ උපකාර නොකළ නිසා ඔහු යෙහෝවා දෙවිට අඬමින් කන්නලව් කළොත්+ ඔබ දෙවි ඉදිරියේ වරදකරුවෙක් වෙයි.+ එවැනි නපුරු සිතුවිල්ලකට ඉඩ නොදෙන්න.+

  • හිතෝපදේශ 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහුගේ සිත දූෂිත අදහස්වලින් පිරී තිබේ.+ සැමවිටම දුෂ්ට දේ කරන්න කුමන්ත්‍රණය+ කරන ඔහු නිතරම බලන්නේ එකිනෙකා අතරේ භේද පතුරවන්නයි.+

  • යෙරෙමියා 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.+ ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද?

  • රෝම 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න