ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 31:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මා රනට කතා කොට, ‘ඔබ මාගේ විශ්වාසය’+ යයි කියමින්

      එය කෙරෙහි බලාපොරොත්තු තැබුවාද?

  • ගීතාවලිය 17:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවියනි, ඔබේ බලවත් හස්තය දිගු කර+ මේ ලෝකයේ මනුෂ්‍යයන්ගෙන්+ මාව ගලවාගන්න.

      දැන් ගත කරන ජීවිතය ගැන පමණක් සිතන මනුෂ්‍යයන්ගෙන්+ මාව බේරාගන්න.

      ඔබ රැස් කර තිබෙන යහපත් දෙයින් ඔවුහු තමන්ගේ බඩ පුරවාගනිති.+

      ඔවුහු දරුපල ලබා තෘප්තිමත් ජීවිතයක් ගත කරති.+

      ඔවුන්ට පසුව ඔවුන්ගේ දරුවෝද ඔවුන් රැස් කළ සම්පත් භුක්ති විඳිති.+

  • ගීතාවලිය 52:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 “මෙවැනි මනුෂ්‍යයෝ දෙවිව තම රක්ෂස්ථානය කර නොගෙන+

      තමාගේ වස්තුව කෙරෙහි පමණක් විශ්වාසය තබති.+

      ඔවුහු අනුන්ව අමාරුවේ දැමීමෙන් ශක්තියක් ලබති.”+

  • ගීතාවලිය 62:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 වංචනික ක්‍රියා කර දියුණුවක් ලැබිය හැකියයි නොසිතන්න.+

      සොරකම වැනි නිෂ්ඵල දෙයින් සාර්ථක විය හැකියයි නොසිතන්න.+

      ඔබට ධනය බොහෝ සෙයින් ලැබුණත් ඒ මත විශ්වාසය නොතබන්න.+

  • යෙරෙමියා 9:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්‍රඥාවන්තයා තම ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+

  • 1 තිමෝති 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න