ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 17:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඒ ඔබ තුළ තිබෙන විශ්වාසයේ මදිකම නිසයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ”+ කියා ඔහු ඔවුන්ට පැවසුවේය.

  • මතෙව් 21:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ කිසිම සැකයක් ඇති කරගන්නේ නැතුව+ විශ්වාසයකින් සිටියොත් මා අත්තික්කා ගසට කළ දේ ඔබටත් කරන්න හැකි වෙයි. ඒ විතරක් නොවෙයි, ඔබ මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා කීවොත් එයද සිදු වෙයි.+

  • මාක් 9:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එවිට යේසුස්, “‘පුළුවන් නම්’ කියා ඔබ කිව්වා නේද? කෙනෙකුට විශ්වාසය තිබෙනවා නම්+ ඕනෑම දෙයක් කරන්න පුළුවන්” කියා පැවසුවේය.

  • මාක් 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මා ඔබට කියන මේ දේට සවන් දෙන්න. යමෙක් මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා පවසා ඒ ගැන කිසිම සැකයක් නොතබා තමන් කී දේ සිදු වෙනවාමයි යන විශ්වාසයෙන් සිටියොත් ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න