ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 34:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි.+ අයාලේ ගිය බැටළුවන්ව නැවත රැගෙන එන්නෙමි. උන්ගේ තුවාලවලට බෙහෙත් බැඳ සාත්තු කරන්නෙමි. ලෙඩ වූ බැටළුවන්ව සුව කර ශක්තිමත් කරන්නෙමි. එහෙත් හොඳින් කා බී තරව සිටින+ ශක්තිමත් බැටළුවන්ව මම විනාශ කර දමන්නෙමි. උන් මාගේ විනිශ්චයට මුහුණ දිය යුතුයි.”+

  • මතෙව් 9:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”

  • මතෙව් 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ වෙනුවට ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට නොකඩවාම යන්න.+

  • ලූක් 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මිනිසෙකුට බැටළුවන් සියදෙනෙක් සිටිනවා කියා සිතන්න. උන්ගෙන් එකෙකු නැති වුණොත් ඔහු සමඟ පාළු බිම්වල සිටින අනික් අනූනවදෙනාට ඉන්න හැර, නැති වූ බැටළුවාව සම්බ වන තුරු මහත් වෙහෙසක් දරා සොයන්නේ නැද්ද?+

  • රෝම 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය.+ දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.+

  • 1 තිමෝති 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ක්‍රිස්තුස් යේසුස් මෙලොවට පැමිණියේ පව්කාරයන්ව ගලවාගැනීමටය.+ එය විශ්වාස කළ යුතු සම්පූර්ණයෙන්ම පිළිගත හැකි සත්‍යයකි.+ ඒ පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා මමය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න