ගණන් කතාව
18 යෙහෝවා දෙවි ආරොන්ට මෙසේ කීවේය. “යමෙකු ශුද්ධස්ථානය+ හා සම්බන්ධ නීතිරීති කඩ කළොත් ඔබද ඔබේ පියාගේ ගෙයි වැසියන්ද ඔබේ පුත්‍රයන්ද ඒ වෙනුවෙන් ගණන් දිය යුතුයි. පූජකයන් හා සම්බන්ධව දී තිබෙන ආඥා යමෙකු කඩ කළොත් ඔබ සහ ඔබේ පුත්‍රයන් ඒ වෙනුවෙන් ගණන් දිය යුතුයි.+ 2 ඔබේ පෙළපත වන ලෙවී ගෝත්‍රයට අයත් ඔබේ සහෝදරයන්ව ඔබ වෙත කැඳවාගන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියේ+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සේවය කරන පිණිස+ ඔවුන්ව ඔබ වෙත කැඳවාගන්න. 3 ඔබ වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම්ද සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව තිබෙන වගකීම්ද ඔවුන් ඉටු කළ යුතුයි.+ පූජාසනය ළඟටවත් ශුද්ධස්ථානයේ තිබෙන සියලු භාණ්ඩ හා මෙවලම් ළඟටවත් ඔවුන් නොපැමිණිය යුතුයි. ඔවුන් එසේ කළොත් ඔවුන් පමණක් නොව ඔබත් මිය යනු ඇත.+ 4 ඔවුන් ඔබ සමඟ එක්ව සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව ඔවුන්ට පවරා තිබෙන සියලු වගකීම් ඉටු කළ යුතුයි. ඔවුන් හැර ඔබට උදව් කරන පිණිස වෙන කිසිවෙකු නොපැමිණිය යුතුයි.+ 5 දෙවිගේ උදහස+ නැවතත් ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානය+ හා පූජාසනය+ සම්බන්ධව ඔබට පවරා තිබෙන සියලු වගකීම් ඔබ ඉටු කළ යුතුයි. 6 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් මම ඔබේ සහෝදරයන් වන ලෙවීවරුන්ව+ තෝරාගෙන තෑග්ගක් ලෙස ඔබට දුන්නෙමි.+ ඔවුන්ව යෙහෝවා දෙවි වන මට භාර දී තිබෙන්නේ සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ඉටු කරන පිණිසය.+ 7 ඔබත් ඔබේ පුත්‍රයනුත් පූජකයන් ලෙස සේවය කළ යුතුයි.+ මන්ද එම විශේෂ වරප්‍රසාදය මම ඔබට තෑග්ගක් ලෙස දුන්නෙමි. එබැවින් පූජකයන් වශයෙන් ඔබේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතුයි. තිරය පිටුපස තිබෙන සියලු දේවල් හා සම්බන්ධ වගකීම්ද පූජාසනය හා සම්බන්ධ සියලු වගකීම්ද ඔබත් ඔබේ පුත්‍රයනුත් ඉටු කළ යුතුයි.+ වෙන කිසිවෙකු එතැනට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+
8 යෙහෝවා දෙවි ආරොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟ මට දෙන සෑම පරිත්‍යාගයක්ම මම ඔබට භාර දෙන්නෙමි.+ ඔවුන් දෙන සෑම ශුද්ධ දෙයක්ම මම ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් දෙන්නෙමි. එය බොහෝ කාලයකට ඔබට හිමි වන කොටසයි.+ 9 සෙනඟ ගෙනෙන සෑම ශුද්ධ දෙයක්ම එනම්, ගින්නෙන් දවා ඔප්පු කරන සෑම පූජාවක්ම ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අයිතිය. සෑම ධාන්‍ය පූජාවක්ම,+ සෑම පාප පූජාවක්ම,+ සෑම වන්දි පූජාවක්ම+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අයිතිය. එම පූජා ඉතා ශුද්ධය. 10 ඔබ එය ඉතා ශුද්ධ තැනකදී අනුභව කළ යුතුයි.+ සෑම පුරුෂයෙකුම එයින් කෑ යුතුයි.+ එය ශුද්ධ දෙයක් ලෙස ඔබ සැලකිය යුතුයි.+ 11 ඔබට අයිති කොටස් මේවාය. ඊශ්‍රායෙල් සෙනඟ ගෙනෙන පූජාවලින් පරිත්‍යාගයක් ලෙස වෙන් කරන කොටස+ හා ඔවුන් ගෙනෙන සෑම සෙලවීමේ පූජාවක්ම+ මම ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් ඔබේ දූවරුන්ටත් දෙන්නෙමි.+ එය බොහෝ කාලයකට ඔබට ලැබෙන්නේය. පවිත්‍රව සිටින ඔබේ පවුලේ සෑම සාමාජිකයෙකුටම එයින් අනුභව කිරීමට පුළුවන.+
12 “සෙනඟ තම ප්‍රථම ඵලවලින්+ යෙහෝවා දෙවි වන මට ගෙනැවිත් දෙන හොඳම තෙල්ද හොඳම ධාන්‍යද අලුත් වයින්ද මම ඔබට දෙන්නෙමි.+ 13 ඔවුන්ගේ කෙත්වතුවල ප්‍රථම ඵලදාවෙන් ඔවුන් යෙහෝවා දෙවිට ගෙනැවිත් දෙන සියලු දේද ඔබට අයිතිය.+ පවිත්‍රව සිටින ඔබේ පවුලේ සෑම සාමාජිකයෙකුටම ඒවායින් අනුභව කිරීමට පුළුවන.
14 “ඊශ්‍රායෙල් දේශයේ මා වෙනුවෙන් සදහටම කැප කරන ඕනෑම දෙයක් ඔබට අයිතිය.+
15 “යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනෙන සෑම කුලුඳුල්+ දරුවෙකුම හා සතෙකුම ඔබට අයිතිය. නමුත් කුලුඳුල් දරුවන්ව+ හා අපවිත්‍ර කුලුඳුල් සතුන්ව ඔබ මුදවාගත යුතුයි.+ 16 මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති සියලු කුලුඳුලන් වෙනුවෙන් නියමිත මුදල ගෙවා ඔවුන්ව මුදවාගත යුතුයි. ඔවුන් එක් එක් කෙනා වෙනුවෙන් රිදී ෂෙකෙල් පහ බැගින් ගත යුතුයි. එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයක බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි විස්සකි.+ 17 ඔබ කුලුඳුල් ගවයන්ව හෝ බැටළුවන්ව හෝ එළුවන්ව හෝ මුදවා නොගත යුතුයි.+ උන් ශුද්ධය. උන්ගේ ලේ+ පූජාසනය මත ඉසිය යුතුයි. යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස උන්ගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි.+ 18 උන්ගේ මාංස ඔබට අයිතිය. සෙලවීමේ පූජාවට ඔප්පු කරන සතාගේ පපු කොටස හා දකුණු ගාතය ඔබට අයිති වන්නාක් සේම එම සතුන්ගේ මාංසත් ඔබට අයිතිය.+ 19 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට ගෙනෙන සෑම ශුද්ධ පරිත්‍යාගයක්ම+ මම ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් ඔබ සමඟ සිටින ඔබේ දූවරුන්ටත් දෙන්නෙමි. බොහෝ කාලයකට එය ඔබට හිමි වනු ඇත.+ එය ඔබත් ඔබේ දරුවනුත් සමඟ යෙහෝවා දෙවි වන මා ඇති කරගත් ස්ථිර ගිවිසුමකි.* එම ගිවිසුම බොහෝ කාලයකට වලංගු වනු ඇත.”+
20 යෙහෝවා දෙවි ආරොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟට හිමි වන දේශයේ ඔබට උරුමයක්වත් කොටසක්වත් ලැබෙන්නේ නැත.+ ඔවුන් අතරේ ඔබේ උරුමය හා ඔබේ කොටස මම වෙමි.+
21 “ඊශ්‍රායෙල් සෙනඟ තමන් සතු දෙයින් ගෙනෙන දහයෙන් කොටස+ මම ලෙවී පුත්‍රයන්ට දෙන්නෙමි. මම ලෙවීවරුන්ට එය දෙන්නේ ඔවුන් සම්මුඛ වීමේ කූඩාරමේ කරන සේවය වෙනුවෙන්ය. එය ඔවුන්ගේ උරුමය වෙයි. 22 ඊශ්‍රායෙල් සෙනඟ මින් ඉදිරියට සම්මුඛ වීමේ කූඩාරම ළඟට නොපැමිණිය යුතුයි. එසේ කළොත් දෙවි වන මා ඉදිරියේ ඔවුන් වරදකරුවන් වන බැවින් ඔවුහු මිය යන්නෝය.+ 23 ලෙවීවරුන් සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ඉටු කරමින් ශුද්ධස්ථානයට විරුද්ධව සෙනඟ කරන පාප වෙනුවෙන් ගණන් දිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟට මෙන් ඔවුන්ට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැත. එය ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් බොහෝ කාලයකට වලංගු වන පනතකි.+ 24 ඊශ්‍රායෙල් සෙනඟ තමන් සතු දෙයින් යෙහෝවා දෙවි වන මට පරිත්‍යාග කරන දසයෙන් කොටස මම ලෙවීවරුන්ට උරුමයක් ලෙස දෙන්නෙමි. ‘ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙන් ඔවුන්ට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැත’ කියා මම පැවසුවේ ඒ නිසයි.”+
25 ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 26 “ඔබ ලෙවීවරුන්ට මෙසේ කියන්න. ‘මම ඔබට උරුමයක් ලෙස දුන් දසයෙන් කොටස ඊශ්‍රායෙල් සෙනඟගෙන් ලැබුණු පසු+ ඔබ එයින් දසයෙන් කොටසක් යෙහෝවා දෙවිට පරිත්‍යාග කරන්න.+ 27 කමතෙන් ගෙනෙන පරිත්‍යාගයක් ලෙසද+ බහුලව තිබෙන වයින්වලින් හෝ තෙල්වලින් කරන පරිත්‍යාගයක් ලෙසද මම එය ඔබෙන් පිළිගන්නෙමි. 28 මෙසේ ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඔබට ලැබෙන දසයෙන් කොටසෙන් ඔබත් යෙහෝවා දෙවි වන මට පරිත්‍යාගයක් කරන්න. ඔවුන්ගෙන් ලැබෙන කොටසින් ඔබ යෙහෝවා දෙවි වන මට දෙන පරිත්‍යාගය පූජක ආරොන්ට දෙන්න. 29 ඔබට ලැබෙන සෑම පරිත්‍යාගයකින්ම හොඳම කොටස+ ශුද්ධ දෙයක් ලෙස යෙහෝවා දෙවිට දෙන්න.’
30 “මේ දේත් ඔබ ලෙවීවරුන්ට කියන්න. ‘ඔබට ලැබෙන සෑම පරිත්‍යාගයකින්ම හොඳම කොටස+ දුන් පසු ඉතුරු වන දේ එනම්, කමතෙන් ලැබූ පලදාවද වයින් හෝ තෙල්ද ඔබට හිමි වන්නේය. 31 දෙවිට පරිත්‍යාග කළ පසු ඉතුරු වන දේ ඔබටත් ඔබේ ගෙයි වැසියන්ටත් ඕනෑම තැනක සිට අනුභව කළ හැක. එය සම්මුඛ වීමේ කූඩාරමේ ඔබ කරන සේවය සඳහා ඔබට ලැබෙන ත්‍යාගයයි.+ 32 ඔබට ලැබෙන සෑම පරිත්‍යාගයකින්ම හොඳම කොටස දෙවිට දෙන්න. එසේ නොකළොත් ඔබ දෙවි ඉදිරියේ වරදකරුවන් වනු ඇත. ඊශ්‍රායෙල් සෙනඟ පරිත්‍යාග කරන ශුද්ධ දේවලට අගෞරව නොකරන්න. එසේ කළොත් ඔබට ඔබේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වෙයි.’”+