ගීතාවලිය 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, ඔබ වාසය කරන ඔබේ ගෘහයටද+ඔබේ තේජස තිබෙන ස්ථානයටද මම බොහෝ සෙයින් ඇලුම් කරමි.+ ගීතාවලිය 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.+ඒ දේ ලබාගැනීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි.+ඒ මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්න ලැබීමය.+එවිට මම යෙහෝවා දෙවිගේ යහපත දිනෙන් දින දකින්නෙමි.+ඔහුගේ මාලිගාව දෙස මහත් අගයකින් බලන්නෙමි.+ හිතෝපදේශ 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.+ යොහන් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු පරෙවියන් විකුණමින් සිටි අයට මෙසේ පැවසුවේය. “මේ දේවල් මෙහෙන් ඉවත් කරන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක්+ හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”+
4 මා යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.+ඒ දේ ලබාගැනීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි.+ඒ මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්න ලැබීමය.+එවිට මම යෙහෝවා දෙවිගේ යහපත දිනෙන් දින දකින්නෙමි.+ඔහුගේ මාලිගාව දෙස මහත් අගයකින් බලන්නෙමි.+
16 ඔහු පරෙවියන් විකුණමින් සිටි අයට මෙසේ පැවසුවේය. “මේ දේවල් මෙහෙන් ඉවත් කරන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක්+ හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”+