උත්පත්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ උත්පත්ති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+ යෝබ් 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි තම බලය මාර්ගයෙන් මාව නිර්මාණය කළේය.+සියලු බලැති දෙවි තම හුස්මෙන් මාව ජීවත් කෙරෙව්වේය.+ දේශනාකාරයා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මන්ද අවසානයේදී මනුෂ්‍යයන්ටත් සිදු වන්නේ සතුන්ට සිදු වන දේමය.+ මිනිසා මිය යන්නේ සතුන් මිය යන ආකාරයටමය.+ ඒ දෙපිරිසවම ජීවත් කරවන්නේ එකම බලයෙන්+ වන නිසා සතුන් හා මිනිසා අතර වෙනසක් නැත. සියල්ල නිෂ්ඵලය. යෙසායා 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය. එළිදරව් 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දවස් තුනහමාරට පසු+ දෙවි ලබා දෙන ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී+ ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සෙයින් බියපත් වූහ.
7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+
17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+
19 මන්ද අවසානයේදී මනුෂ්‍යයන්ටත් සිදු වන්නේ සතුන්ට සිදු වන දේමය.+ මිනිසා මිය යන්නේ සතුන් මිය යන ආකාරයටමය.+ ඒ දෙපිරිසවම ජීවත් කරවන්නේ එකම බලයෙන්+ වන නිසා සතුන් හා මිනිසා අතර වෙනසක් නැත. සියල්ල නිෂ්ඵලය.
5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.
11 ඒ දවස් තුනහමාරට පසු+ දෙවි ලබා දෙන ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී+ ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සෙයින් බියපත් වූහ.