ගීතාවලිය 51:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාව මුළුමනින්ම සෝදා මාගේ වරද ඉවත් කරන්න.+මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න.+ 1 කොරින්ති 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+ එෆීස 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහු එසේ කළේ දේවවචනය නමැති වතුරෙන් එය සෝදා පිරිසිදු කර,+ එය ශුද්ධ වූ තත්වයකට පත් කිරීම සඳහාය.+ තීතස් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගැලවීමට මඟක් අපට ලැබිණ. එය අප කළ+ ධර්මිෂ්ඨ ක්‍රියා නිසා ලැබුණු දෙයක් නොවේ.+ ඔහු අපට පෙන්වූ දයාව නිසා ලැබුණු දෙයකි.+ එහෙයින් අපව දියෙන් සෝදා පිරිසිදු කරන්නා සේ+ ඔහු අපව පවිත්‍ර කර අපට අලුත් ජීවිතයක් ලබා දී+ ඔහුගේ බලයෙන් අපව අලුත් කළේය.+ හෙබ්‍රෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.
11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+
5 ගැලවීමට මඟක් අපට ලැබිණ. එය අප කළ+ ධර්මිෂ්ඨ ක්‍රියා නිසා ලැබුණු දෙයක් නොවේ.+ ඔහු අපට පෙන්වූ දයාව නිසා ලැබුණු දෙයකි.+ එහෙයින් අපව දියෙන් සෝදා පිරිසිදු කරන්නා සේ+ ඔහු අපව පවිත්‍ර කර අපට අලුත් ජීවිතයක් ලබා දී+ ඔහුගේ බලයෙන් අපව අලුත් කළේය.+
22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.