ලෙවී කතාව 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “‘පළි නොගන්න.+ ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.+ මා යෙහෝවා දෙවිය. යොහන් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ ආඥාව මෙයයි. එනම් මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+ 1 තෙසලෝනික 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+ යාකොබ් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන රාජකීය නීතිය+ ඔබ පිළිපදිනවා නම් ඔබ කරන්නේ යහපත් දෙයකි. 1 පේතෘස් 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා+ ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර+ ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+ 1 යොහන් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අප කලින් සිටි තත්වය මරණයකට සමාන කළ හැක. නමුත් අපි දැන් ජීවමාන වී සිටිමු.+ එසේ වන්නේ අප සහෝදරයන්ට ප්‍රේම කරන නිසාය.+ තම සහෝදරයන්ට ප්‍රේම නොකරන තැනැත්තා දිගටම මළ තත්වයක සිටියි.+
18 “‘පළි නොගන්න.+ ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.+ මා යෙහෝවා දෙවිය.
9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+
8 ඇත්තෙන්ම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන රාජකීය නීතිය+ ඔබ පිළිපදිනවා නම් ඔබ කරන්නේ යහපත් දෙයකි.
22 දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා+ ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර+ ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+
14 අප කලින් සිටි තත්වය මරණයකට සමාන කළ හැක. නමුත් අපි දැන් ජීවමාන වී සිටිමු.+ එසේ වන්නේ අප සහෝදරයන්ට ප්‍රේම කරන නිසාය.+ තම සහෝදරයන්ට ප්‍රේම නොකරන තැනැත්තා දිගටම මළ තත්වයක සිටියි.+