ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මිය යෑමට පෙර මෝසෙස් නූන්ගේ පුත් යොෂුවා පිට අත් තබමින්+ ඔහුව නායකයා ලෙස පත් කළේය. යොෂුවා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා+ ප්‍රඥාවන්තව කටයුතු කිරීමට ඔහුට හැකි විය. එහෙයින් ඊශ්‍රායෙල්වරු ඔහුට කීකරු වී යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් අණ කළ සියල්ල පිළිපැද්දෝය.+

  • ක්‍රියා 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් පේතෘස් සහ යොහන් රැස්ව සිටි අය පිට අත් තැබූ විට+ ඔවුන්ට දෙවිගේ බලය ලැබිණ.

  • ක්‍රියා 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු ඔවුහු නිරාහාරව සිට යාච්ඤා කර ඔවුන් පිට අත් තබා,+ ඔවුන්ව පිටත් කර යැව්වෝය.

  • ක්‍රියා 14:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මීට අමතරව සෑම සභාවකම සිටින ගෝලයන්ට උපකාර කිරීම සඳහා ඔවුහු වැඩිමහල්ලන්ව පත් කළෝය.+ නිරාහාරව සිටිමින් යාච්ඤා කළ ඔවුහු,+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ වැඩිමහල්ලන්ව දෙවිගේ රැකවරණය යටතට භාර කළෝය.+

  • 1 තිමෝති 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න.

  • 1 තිමෝති 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 කෙනෙකුව යම් වගකීමක් සඳහා පත් කිරීමට*+ ඉක්මන් නොවන්න.+ එලෙසම අනුන් කරන පාපවලට හවුල් නොවන්න.+ ඔබේ පවිත්‍රකම රැකගන්න.+

  • 2 තිමෝති 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මා ඔබ පිට අත් තැබූ විට+ ඔබට දෙවිගෙන් ලැබුණු දීමනාව+ දිගටම උද්‍යෝගයෙන් භාවිත කිරීමට ඔබට මතක් කරන්නේ ඒ නිසාය. එය භාවිත කළ යුත්තේ ගින්නක දීප්තිය තව තවත් වැඩි කරන ආකාරයෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න