උත්පත්ති 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ජීවය+ වන ලේ+ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.+ ලෙවී කතාව 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘ඔබ තෙලවත් ලෙයවත්+ කිසිසේත් නොකෑ යුතුයි. ඔබ කොතැනක ජීවත් වුවත් එම පනත ඔබටත් ඔබෙන් පැවත එන සියල්ලන්ටත් බොහෝ කාලයක් පුරා වලංගු වනු ඇත.’” ලෙවී කතාව 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘ඔබ ජීවත් වන කවර තැනකදී හෝ වේවා ලේ+ කොහෙත්ම නොකෑ යුතුයි. කුරුල්ලෙකුගේ ලේ හෝ වේවා මෘගයෙකුගේ ලේ හෝ වේවා ඔබ නොකෑ යුතුයි. ලෙවී කතාව 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙකුවත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකුවත් මොනම ආකාරයකින් හෝ ලේ+ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප* කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී+ ඔහුව මරා දමන්නෙමි. ලෙවී කතාව 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘කිසි ලෙසකින්වත් ඔබ කන කෑමට ලේ මිශ්‍ර නොවිය යුතුයි.+ “‘ඔබ නැකත් බැලීමෙන්ද+ මන්තර ගුරුකම් කිරීමෙන්ද+ වැළකී සිටිය යුතුයි. ද්විතීය කතාව 12:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් සතාගේ ලේ නොකෑමට වගබලා ගත යුතුයි.+ මන්ද සතාගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලයි.+ ඒ නිසා ඔබ මස් සමඟ ලේ නොකෑ යුතුයි. ද්විතීය කතාව 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබට කන්න අවසර නැත්තේ උන්ගේ ලේ පමණයි.+ එය වතුර මෙන් බිමට වත් කළ යුතුයි.+ 1 සාමුවෙල් 14:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එබැවින් ඔවුහු තමන් කොල්ල කා ගත්+ බැටළුවන්, ගවයන් හා වස්සන් මතට කඩා පැන උන්ව බිම පෙරළා මරාගෙන ඉතා කෑදර ලෙස ලේත් සමඟම උන්ගේ මස් කෑවෝය.+
17 “‘ඔබ තෙලවත් ලෙයවත්+ කිසිසේත් නොකෑ යුතුයි. ඔබ කොතැනක ජීවත් වුවත් එම පනත ඔබටත් ඔබෙන් පැවත එන සියල්ලන්ටත් බොහෝ කාලයක් පුරා වලංගු වනු ඇත.’”
26 “‘ඔබ ජීවත් වන කවර තැනකදී හෝ වේවා ලේ+ කොහෙත්ම නොකෑ යුතුයි. කුරුල්ලෙකුගේ ලේ හෝ වේවා මෘගයෙකුගේ ලේ හෝ වේවා ඔබ නොකෑ යුතුයි.
10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙකුවත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකුවත් මොනම ආකාරයකින් හෝ ලේ+ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප* කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී+ ඔහුව මරා දමන්නෙමි.
26 “‘කිසි ලෙසකින්වත් ඔබ කන කෑමට ලේ මිශ්‍ර නොවිය යුතුයි.+ “‘ඔබ නැකත් බැලීමෙන්ද+ මන්තර ගුරුකම් කිරීමෙන්ද+ වැළකී සිටිය යුතුයි.
23 නමුත් සතාගේ ලේ නොකෑමට වගබලා ගත යුතුයි.+ මන්ද සතාගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලයි.+ ඒ නිසා ඔබ මස් සමඟ ලේ නොකෑ යුතුයි.
32 එබැවින් ඔවුහු තමන් කොල්ල කා ගත්+ බැටළුවන්, ගවයන් හා වස්සන් මතට කඩා පැන උන්ව බිම පෙරළා මරාගෙන ඉතා කෑදර ලෙස ලේත් සමඟම උන්ගේ මස් කෑවෝය.+