ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 39:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මේ නිවසේ මට ඉහළින් ඉන්න කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැර+ අනික් හැම දෙයක්ම ඔහු මට භාර දී තිබෙනවා. එහෙමනම්, මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”+

  • 1 කොරින්ති 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද?+ කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම්* කරන අයටවත්+ රූප වන්දනාවේ යෙදෙන අයටවත්+ අනාචාරයේ* හැසිරෙන අයටවත්+ සමලිංගික පුරුෂයන්ටවත්+ ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්,+

  • එෆීස 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 වේශ්‍යාකම් කරන කෙනෙකුටවත්+ අපවිත්‍ර ක්‍රියා කරන කෙනෙකුටවත් කෑදරකමින් කටයුතු කරන කෙනෙකුටවත්+ (එනම් රූප වඳින්නෙකුටවත්) ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන බව+ ඔබ හොඳින් අවබෝධ කරගෙන සිටිනවාට කිසි සැකයක් නැත.

  • කොලොස්සි 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+

  • 1 තෙසලෝනික 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව* සිටිනවාටය.+ එහෙයින් ඔබ වේශ්‍යාකමින්* වැළකී සිටිය යුතුයි.+

  • 1 පේතෘස් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද+ සිටියහුය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න