-
කොලොස්සි 1:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඒ සඳහා ඔබ දිගටම ඔබට තිබෙන විශ්වාසය වර්ධනය කරගත යුතු අතර+ එම විශ්වාසය නමැති අත්තිවාරම මත ස්ථිරව+ පිහිටා සිටිය යුතුයි.+ මීට අමතරව අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර+ දේශනා කරනු ලැබූ+ මෙන්ම ඔබද ඇසූ ශුභාරංචිය+ මගින් ඔබට ලැබුණු බලාපොරොත්තුවෙන් ඔබව ඉවත් කිරීමට කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න. පාවුල් වන මමද එම ශුභාරංචිය දේශනා කරන සේවකයෙක් බවට පත් වූවෙමි.+
-
-
හෙබ්‍රෙව් 11:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත්+ ඔවුහු සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය.+ මන්ද ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර+ ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වී තමන් ජීවත් වූ ඒ දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.+
-